News Line| Off Air
Generic placeholder image

Aug
26

සෛල වලින් සාදන ‘හරිත’ කිරි

1008 Views


සෛල වලින් සාදන ‘හරිත’ කිරි

සාම්ප්‍රදායික කිරි ගොවිතැන වෙනුවට සෛලීය කෘෂිකර්මාන්තය යොදාගත හැකිද ?
ගොවිපලකට අඩිය නොතබා කිරි කර්මාන්තය සිදු කල හැකිද යන්න නව තාක්ෂණික ක්‍රම ඔස්සේ අද වන විට පැමිණ ඇත්තේ විශේෂ තත්වයකටයි. එනම් ගොවිපළ තුල සිදු කරන සියල්ල එක් විද්‍යාගාරයක් තුල සිදු කරන තත්වය දක්වා තාක්ෂණය දියුණු වී තිබීමයි.

පවත්නා කිරි කර්මාන්තය පාරිසරික වශයෙන් තිරසාර නොවන බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙනවා. ඉදිරි අනාගතයේ විශාල මිනිසුන් ප්‍රමාණයකට අහාර සැපයීමට නම් එනම් මේ පෘථිවියේ තවත් බිලියනයක ජනතාව පෝෂණය කිරීමට බලාපොරොත්තු වන්නේ නම්. කිරි, චීස්, ක්‍රීම් සහ බටර් වැනි අප භුක්ති විඳින නිෂ්පාදන අපට ලබා දිය හැකි නව තාක්ෂණයන් අප විසින් ඉදිරිපත් ලෝකයට ඉදිරිපත් කල යුතු වනවා. ටර්ට්ල්ට්‍රී ලැබ් මගින් වර්තමානයේ සිදු කරන පරීක්ෂණ වල ඉලක්කය වී ඇත්තේ එයයි.

එනම් මෙයට හොඳම පිළියම ලෙස මෙම පරීක්ෂකයන් අද වන විට ඉදිරිපත් කර ඇත්තේ ක්ෂීරපායීන්ගේ සෛල භාවිතයෙන් අමු කිරි නිපදවීමයි. මෙම සෛල විද්‍යාගාරයේ වර්ධනය කර යෝධ ජෛව ප්‍රතික්‍රියාකාරක භාවිතයෙන් කිරි නිපදවීමට හැකි බව ඔවුන්ගේ අදහසයි.

මෙම විශේෂිත කිරි වර්ගය නිර්මාණය කිරීම සඳහා සෛල භාවිතා කරන ලොව පළමු සමාගම ටර්ට්ල්ට්‍රී ලැබ් වන අතර අර්බුදයක් හෝ කිරි අවශ්‍යතාවයක් ඇති ලොව ඕනෑම තැනක මෙම ජෛව ප්‍රතික්‍රියාකාරක අතහැර දමා වහාම නිෂ්පාදනය ආරම්භ කළ හැකි තත්වයට ඔවුන්ගේ පරීක්ෂණ පැමිණ තිබීම සතුටට කරුණක් වනවා.

මෙම පරීක්ෂණ මෙතෙක් එළදෙනුන්, එළුවන්, බැටළුවන් සහ ඔටුවන්ගේ සෛල සමඟ සිදු කර ඇති අතර ඒවා සාර්ථක වී ඇති තිබෙනවා. දැනට කිරි වර්ග නිපදවා තිබුනත් අනාගතයේ මෙම කිරි වලින් චීස් හා බටර් සෑදීමට පටන් ගත් විට ඊටත් වඩා වටිනාකමක් වටිනාකම දෙගුණ තෙගුණ වන බව මොවුන්ගේ අදහසයි.

මෙම පරීක්ෂණය සිදු කරන පරීක්ෂකයන්ගේ අදහස වන්නේ ඔවුන්ගේ විද්‍යාගාරයේ ඇති සෛල වලින්, පෘථිවියට හානියක් නොවී සතුන්ට හානි නොකර සැබෑ කිරි ලබා ගත හැකි බවත් එය සත්ත්ව ගොවිතැනේ අනාගතයද වන බවයි.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post