News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
14

අද ලග්න 3ක් කට පරිස්සම් කරගත යුතුයි. සම්පුර්ණ විස්තරය මෙන්න…

761 Views


අද ලග්න 3ක් කට පරිස්සම් කරගත යුතුයි. සම්පුර්ණ විස්තරය මෙන්න…

අද 2017 අගෝස්තු මාසයේ 14 සදුදා

රාහු කාලය: පෙ.ව 07.37 සිට 09.10

සුභ දිශාව: නැගෙනහිර

මරු සිටින දිශාව: වයඹ

 

 

 

මේෂ ලග්නය

මානසික ව්‍යකුලතා තිබුනානම් ඒවා මග හැරිලා ජීවිතය සතුටින් සමාදානයෙන් ගත කරන්න පුළුවන් දිනයක්. හැංගිලා තිබුන ගති ලක්ෂණ ඉස්මතු වෙලා ඔබේ හැකියාව සමාජය තුල කතා බහට ලක් කරන දවසක් විදියට අද දවස හදුන්වන්න පුළුවන්. ඔබේ ගෞරවය වගේම සමාජගත හැකියාවන් වැඩි දුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාවන් වෙන්වෙලා පවතිනවා. කොන්ද තුනටිය ආශ්‍රිත පුංචි පුංචි රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩක් වෙන්වෙලා පවතින නිසා සෞඛ්‍ය පිළිබද සුළුවෙන් තකන්න එපා. සහෝදර ඥාතීන් සමග ඇති වෙන සම්බන්ධතා මුල්කර ගෙන ධන ශක්තිය වර්ධනය කර ගැනීමේ ඉඩකඩක් ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා.

ජය වර්ණය: ලා රතුපැහැය                        ජය අංකය: 07

 

 

වෘෂභ ලග්නය

තරමක් ඉවසිලිවන්තව කටයුතු සම්පාදනය කර ගැනීම වඩාත් වැදගත් වෙනවා. බොහෝ දේවල් මිලදී ගන්න ඔබට හිතෙනවා. ඒ නිසාම මානසික ව්‍යකුලතා වගේම මුදල් පසුම්බිය පිලිබදවත් අසුභතා ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. සිත් පිඩා අත් වීමේ අවධානමක් පවතින නිසා අන් අයත් සමග කරන ගනුදෙනු කිරීම් වලදීත් තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා. ගෘහාශ්‍රිත කටයුතු නිසාත් පිඩාකාරී ස්වභාව ගෙන දෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලිනුත් තරමක අසුභතා ඇති වීමේ ඉඩකඩ වැඩියි. තරමක් කල්පනාකාරීව අද දවසේ කටයුතු සම්පාදනය කර ගන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 08

 

 

මිථුන ලග්නය

අද දවසේ කටයුතු සම්පාදනය කර ගැනීමේදී මානසික ශක්තිය වඩාත් හොදින් පවත්වා ගෙන යාමේ හැකියාව පවතිනවා. ඔබ අත ගහන බොහෝ කටයුතු පහසුවෙන් ජයග්‍රහණය කිරීමේ ඉඩකඩ වෙන්වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ ආර්ථික ශක්තිය දියුණු කර ගන්න මනස විවුර්ත වන නිසාම අලුත් ආදායම් මාර්ග පිළිබද ඔබ වෙනදට වඩා උනන්දුවෙන් ක්‍රියාත්මක වන ආකාරයක් පෙන්නුම් කරනවා. වචන භාවිතා කිරීමේදී තරමක් ආවේගශීලි ගති ලක්ෂණ විටින් විට ඉස්මතු වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. ඔබ ඒ තත්වය පාලනය කර ගත්තොත් අද දවසේ ඔබට බොහෝ ජයග්‍රහණ හිමි කර ගත හැකියි. ගෙදරදොර කටයුතු වගේම ව්‍යාපාරික රැකී රක්ෂා වෙළදාම් කටයුතු ඒ සියල්ල ඉතාමත්ම සමබර බවකින් වගේම උසස් මට්ටමකින් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා.

ජය වර්ණය: විසිතුරු පැහැය                      ජය අංකය: 03

 

 

කටක ලග්නය

මිශ්‍ර ප්‍රථිපල ගෙන දෙන දවසක්. කලාකාමී කටයුතු කාන්තාවන් හා මිශ්‍ර වෙලා කරන කටයුතු වලදී තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව විටින් විට ඉස්මතු කරනවා. ඒ වගේම ඔබ කණ්නාඩි පළදිනවා හෝ ඇස් ආශ්‍රිත රෝගී තත්වයකින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් තරමක් කල්පනාකාරී වෙන්නත් අමතක කරන්නෙපා. කොහොම උනත් වෙළදාම් කටයුතු වගේම ජලය ආශ්‍රිත පරිසර වල කරන්න වූ ව්‍යාපාරික කටයුතු වලින් බොහෝ පහසුවෙන් සාර්ථකත්වය ලගා කර ගන්න පුළුවන්. දියරමය දේවල් අලෙවි කිරීම් ඖෂධ හා සම්බන්ධ වෙන්නා වූ ක්‍රියාකාරකම් වලින් වැඩි වාසි සහගත තත්වයක් ඇති වෙනවා. විදේශගත වෙන්න බලාපොරොත්තුවෙන් හිටියා නම් එවැනි කටයුතු පහසුවෙන් සාර්ථක කර ගැනීමේ ඉඩකඩ පවතිනවා.

ජය වර්ණය:ලා කහ පැහැය                       ජය අංකය: 08

 

 

සිංහ ලග්නය

පෙර පින ඉස්මතු කර ගැනීමේ හැකියාවට ඉඩකඩ වෙන්වෙලා පවතිනවා වගේම මව්පස ඥාතීන්ගෙන් බොහෝ උදව් උපකාර ලබාගන්නත් අද දවසේ අවස්ථාව ඔබට උදා වෙලා පවතිනවා. වචන භාවිතා කිරීමේදී අන් අයව වසග කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. පාදවල හන්දි කෙලවර රෝග තත්ව විටින් විට උත්සන්න වෙනවා වගේම උෂ්ණ සහගත පරිසර තත්ව වලදී ඔබට වැඩි වශයෙන් කාලය ගත කරන්න වෙනවා. ගමන් බිමන් යාමේදී කල්පනාකාරීව ගමන් බිමන් නොගියොත් ඔබට බොහෝ අතරමන් වීම් වගේම පාඩු සහගත තත්ව ඇති වීමේ ඉඩකඩත් අද දවස පුරාම උදා වෙලා පවතිනවා. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා.

ජය වර්ණය:ලා නිල්පැහැය                       ජය අංකය: 07

 

 

කන්‍යා ලග්නය

පරිපාලනමය කටයුතු වගේම උසස් නිලධාරීන් සමග කරන්නා වූ කටයුතු තුලින් බොහෝ වාසි සහගත තත්ව උදා කර ගන්න අද දවසේදී ඔබට හැකියාව වාසනාව පවතිනවා. පුංචි පුංචි සිත් රිදීම් ඇති වීමේ ඉඩකඩක් තියෙන නිසා කල්පනාකාරීව අන් අයත් සමග අදහස් හුවමාරු කර ගැනීම වඩාත් වැදගත් වේවි. ගෘහාශ්‍රිත කටයුතු පවා දියුණු කර ගන්න පුළුවන්. ප්‍රේමනීය සම්බන්ධතා ශක්තිමත් වෙනවා වගේම ලිපිලේඛන ආශ්‍රිත ක්‍රියාකාරකම් බහුල දවසක්. ගෘහයෙන් බැහැර කටයුතු වලට ඔබට ආරාධනා හිමි වෙනවා. ඒ වගේම තමයි පිඩාවට පත් වෙලා ඉන්න සෞඛ්‍යමය  ස්වභාවයකින් යම් ආකාරයක බාධා කම්කටොළුවකට ලක් වෙලා ඉන්න අයට අද දවසේදී උදව් උපකාර කරන්න සිදු වෙනවා.

ජය වර්ණය: දීප්තිමත් කහපැහැය               ජය අංකය: 05

 

 

තුලා ලග්නය

ඔබ අත ගහන බොහෝ කටයුතු ජයග්‍රාහී ලීලාවෙන් අවසන් කරන්න අද දවසේ වාසනාව හිමි වෙනවා. ගෙදරදොරේ කටයුතු වගේම ව්‍යාපාරික කටයුතු ආගමික කටයුතු පුණ්‍ය ස්ථාන ආශ්‍රය කර ගන්නා වූ කටයුතුත් බොහෝ පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. ඔබේ ගෙදරදොරේ කටයුතු ඉදිකිරීම් සම්බන්ධ කටයුතු මග නැවතිලා නම් ඒ කටයුතු යලි ආරම්භ කරන්නත් අද දවස ඉතාමත්ම වැදගත් දවසක්. කල්පනාකාරීව කටයුතු කලොත් අධ්‍යාපනික කටයුතු උසස් අධ්‍යාපනික කටයුතු අධ්‍යාපනික සිහින පවා සැබෑ කර ගැනීමට අවශ්‍ය මුලික අඩිතාලම අද දවසේදී ලග කරගන්න පුළුවන් වේවි.

ජය වර්ණය: ලා රතු පැහැය                       ජය අංකය: 08

 

 

වෘශ්චික ලග්නය

තරමක් කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. මානසික පිඩාකාරී ස්වභාව අධික කාර්යබහුල ස්වභාව ඇති වෙනවා.ඉහල නිලධාරීන් සමග කරන ගනුදෙනු කිරීම් වලදී ඔබ අතිශයින්ම කල්පනාකාරීව ඉවසිලිවන්ත විය යුතුයි. වචන භාවිත කිරීම් වලදී වෙන්නාවූ අතපසු වීම් නිසා ඔබට යම් ආකාරයක පාඩු සහගත තත්ව ඇති කරනවා.ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.

ජය වර්ණයලා: දම්පැහැය

 

 

ධනු ලග්නය

අධ්‍යාපනික ශක්තිය වඩාත් වර්ධනය කර ගැනීමේ හැකියාව විභාග ආදී කටයුතු වලින් ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. යන එන ගමන බිමනේදී ඔබගේ ආරක්ෂාව පිළිබද වැඩිපුර වශයෙන් සිත බැලීම අතිශය වැදගත් වෙනවා. පාද ආශ්‍රිත රෝගී තත්ව හිසේ කැක්කුම වැනි රෝගී තත්ව වලින් දෛනික කටයුතු වලට බාධා ඇති වීමේ ඉඩක් පවතිනවා. පරිපාලනමය කටයුතු වගේම උපදේශනාත්මක වෘත්තීන් වල නිරත වෙලා ඉන්න අයගේ කටයුතු සාර්ථක වෙනවා. ඉහල නිලධාරීන්ගේ කටයුතුත් සාර්ථක වෙනවා.ජලය පානය කරන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 06

 

 

මකර ලග්නය

ප්‍රේමනීය සම්බන්ධතා විවාහ සම්බන්ධ කටයුතු වලදී තරමක් කල්පනාකාරී වීම ඉවසිලිවන්ත භාවය අතිශය වැදගත් වෙනවා. මව්පස ඥාතීන් සමග කරන ගනුදෙනු කිරීම් වලින් බොහෝ පහසුකම් වගේම සහනදායි තත්ව උදා වෙනවා. අවේගශීලි සිතුවිලි තරමක් දුරට පාලනය කර ගැනීම අතිශය වැදගත්. මුත්‍රාශය කොන්ද තුනටිය යටිබඩ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ව විටින් විට උත්සන්න වීම තරමක පිඩාකාරී ස්වභාවයක් ඇති කරනවා. වචන භාවිතා කිරීමේදී තරමක ඉවසිලිවන්ත වීමට සිතට ගන්න.

ජය වර්ණය: ලා තැඹිලි පැහැය                  ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. තමන්ගේ ආර්ථික කටයුතු සමාජීය කටයුතු වගේම නිවසේ ගේදොර ආශ්‍රිත කටයුතුත් පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. ප්‍රේමනීය සම්බන්දතා වලත් ශක්තිමත් භාවයත් නිර්මාණය වෙලා පවතිනවා. විවාහ පාර්ශවයේ ඥාති හිතමිතුරන්ගෙනුත් බොහෝ උදව් උපකාර ලබා ගන්න පුළුවන්. ඉවසිලිවන්තව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 07

 

 

මීන ලග්නය

වාග් ශක්තිය ඉහල මට්ටමක පවතිනවා. අන් අය සමග සුහද ලීලාවෙන් කටයුතු කරන්න. අන් අයව වසග කරගන්න ඔබගේ වාග් ශක්තියට හැකි වෙනවා. ගේදොර ඉඩකඩම් සම්බන්ධ කටයුතු දියුණු වෙනවා වගේම ඉතාම පිළිවෙලකට නිරවුල්ව පවත්වා ගෙන යන්න හැකි වෙනවා.පුංචි කලකිරීම් චිත්ත පිඩාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන්.අතිශයින්ම ප්‍රේමනීය සම්බන්ධතා පිලිබදව කලකිරිනු සහගත තත්ව ඇති වීම නිසා ජිවිතයේ යම් යම් කටයුතු කල් දාන්න හිතෙනවා.

ජය වර්ණය: ලා රතුපැහැය                        ජය අංකය: 08

 


News Articles
Latest Videos
Most Popular Post