නව වැනි පාර්ලිමේන්තුවේ තේරී පත් වුනු මන්ත්‍රීවරුන් දෙසිය විසිපස් දෙනාගේ කාර්ය මණ්ඩල සදහා 1350 දෙනෙකු බදවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
මිට අදාල බදවා ගැනීම් දැනටමත් අරඹා ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසනවා. පාර්ලිමේන්තුවට තේරීපත් වන සෑම මන්ත්‍රීවරයෙකුටම පෞද්ගලික කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යා හැකි වන පරිදි මන්ත්‍රීවරයෙකුගේ කාර්ය මණ්ඩලය සදහා නිලධාරීහු හා සේවකයෝ හය දෙනෙක් රජය විසින් පත් කෙරෙනු ලබනවා .
මේ අයට වැටුප් ගෙවන්නේද රජයෙනි. මේ අනුව රජයෙන් පත් කෙරෙන මන්ත්‍රී කාර්ය මණ්ඩලයට පරීක්ෂණ සහකාරවරෙයෙක්, ලේකම්වරයෙක් හා කාර්යාල කාර්ය සහයකයෙක් සහ රියදුරෝ දෙදෙනෙක් ඇතුලත් වනු ලබනවා.
මන්ත්‍රී කාර්ය මණ්ඩලය සදහා සාමාජිකයින් පත් කරනු ලබන්නේ රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය යටතේ ඇති පාර්ලිමේන්තු කටයුතු අංශය විසින්ය. මන්ත්‍රීවරුන්ගේ අභිමතය මත හා ඔවුන් දෙන නාම යෝජනා අනුව එම පත් කිරීම් සිදු කරන බවයි සදහන් වන්නේ.