සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ පහරට ලක් වී බරපතල තුවාල ලැබූ ජෙකොබ් බ්ලේක් නමැති කළු ජාතික තාරුණයා මරණය සමග සටන් කරමින් සිටින බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරනවා. පොලිස් නිලධාරීන් වෙඩි තබා තිබුනේ නිරායුධ බ්ලේක්ගේ පිටටය. පිටේ තිබී උණ්ඩ 07 ක් ඉවත් කල බව රෝහල් ආරංචි උපුටා දක්වමින් ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා. අසාධ්‍ය තත්වයේ සිටින බ්ලේක් ගේ ශරීරය මුළුමනින්ම අප්‍රාණික වී ඇති බව බෙන් ක්‍රම්ප් සදහන් කරනවා.
29 හැවිරිදි මොහු දරුවන් 06 දෙනෙකුගේ පියෙක් වන අතර වෙඩි ප්‍රහාරයට ලක් වුණේ පසුගිය ඉරිදාය. ඔහු සිය නිවස තුල කලහකාරී ලෙස හැසිරෙන බවට පොල්සියට ලද ඇමතුමක් සමගින් පොලීසය ඔහුගේ මෝටර් රථය වට කර ඉන් අනතුරුව මෙලෙස වෙඩි තබා තිබෙනවා.