News Line| Off Air
Generic placeholder image

Aug
28

ප්ලාස්ටික් වලින් ගොඩනැගිලි හදමු

758 Views


ප්ලාස්ටික් වලින් ගොඩනැගිලි හදමු

භාවිතයට නොගත් ප්ලාස්ටික් ගොඩනැගිල්ලක් බවට පත් කිරීමට කුමක් කළ යුතුද ?

ප්ලාස්ටික් බැහැර කිරීම ඉතා පැහැදිලිව පෙනෙන ගෝලීය ගැටලුවකි. කඳුකරයේ සිට සාගර අගල් දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය පැතිරීම වළක්වා ගත නොහැකි බව පෙනේ. ස්වාභාවික තත්වයන් තුළ, ප්ලාස්ටික් විනාශ කළ නොහැකි තරම්ය. මීට අමතරව ලෝකයේ සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 359 ක් පමණ නිෂ්පාදනය කරයි.

ප්ලාස්ටික් නිසැකවම දැවැන්ත ගැටළුවක් වන නමුත් ඒවා භාවිතය නතරකිරීම සඳහා කල හැකි දෙයක් ඇති බව බැලූ බැල්මට නොපෙනේ.

ප්‍රධාන ගැටළුව වන්නේ ද්‍රව්‍යයක් ලෙස ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය සිදු කරනු ලැබීම හා පරිභෝජනය කරනු ලැබීම නැවැත්විය නොහැකි වන තැනට පත්ව තිබීමයි. මෙයට පිළියමක් ලෙස දැක්විය හැකි ක්‍රමයක් වන්නේ වෙනත් ජීවන චක්‍රයක් මත ප්ලාස්ටික් සැකසීමයි. එනම් මෙම ප්ලාස්ටික් විශ්වාසදායක සහ ආරක්‍ෂිතව ගොඩනැගිලි නිපදවිය හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාවයි.

බොහෝ අය විශ්වාස කරන්නේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට අපහසු දැඩි ලෙස සීමාකාරී ද්‍රව්‍යයක් බවයි. ඒ අනුව ඔවුන්ගේ උපකල්පනය වන්නේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් වර්ග කිහිපයක් පමණක් වන බවයි. මෙය පුදුමයට කරුණක් නොවේ. උදාහරණයක් ලෙස ගත් කල එක්සත් රාජධානියේ සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 5ක් පමණ භාවිතා කරන අතර සෑම වසරකම ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ ටොන් 370,000 ක් පමණි. එය ඉවතලන ප්‍රමාණයෙන් 7% ක පමණ ප්‍රතිශතයකි.

නමුත් ඉවතලන සියලුම ප්ලාස්ටික් තාක්‍ෂණිකව 100% ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව මේ වන විට සොයාගෙන තිබෙනවා. සමහරක් එකම භාණ්ඩය නිෂ්පාදනය කිරීම සඳහා නැවත නැවතත් භාවිතා කළ හැකියාව තිබෙනවා.

භාවිතා නොකළ ප්ලාස්ටික් හා සසඳන විට එවැනි ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලට අඩු යාන්ත්‍රික ගුණ තිබිය හැක. එයට හේතුව වන්නේ ප්ලාස්ටික් උණු කොට සකසන සෑම අවස්ථාවකම එහි බහු අවයවික දාම පිරිහීමයි. නමුත් මෙම ගුණාංග ආකලන එනම් භාවිතා නොකල ප්ලාස්ටික් සමඟ මිශ්‍ර කිරීමෙන් නැවත ලබා ගත හැකිය. සාර්ථක කාර්මික ප්‍රතිචක්‍රීකරණය සඳහා නිදසුන් වශයෙන් සිසිල් බීම බෝතල් සෑදීම සඳහා භාවිතා කරන PET, හෝ පොලි (එතිලීන් තෙරෙෆ්ටලේට්) සහ පොලියුරේටීන් දැක්විය හැකිය.

ජපන් සමාගමක් වන බ්ලෙස්ට් කෝපරේෂන් විසින් දැනටමත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය සරල, දැරිය හැකි ආකාරයකින් ඉන්ධන බවට පරිවර්තනය කිරීම සඳහා යන්ත්‍රයක් සකස් කරමින් පවතී.

ගැටළුව වන්නේ මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කිරීම දැනට කළ නොහැකි හා ලාභ නොලබන තත්වයට පත්වී තිබීමයි. රබර්, ඉලාස්ටෝමර්, තර්මොසෙට් සහ මිශ්‍ර ප්ලාස්ටික් අපද්‍රව්‍ය වැනි බහු අවයව ප්‍රතිචක්‍රීකරණ අංශය විසින් “ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි” ලෙස ලේබල් කර ඇත. නමුත් ලොව පුරා මෙම ද්‍රව්‍යවල ප්‍රමාණය ඇති විශාල වන අතර එය දිගටම වර්ධනය වෙමින් පවතී.

මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සමාජයට ප්‍රයෝජනවත් යමක් නිෂ්පාදනය කිරීමට යොදා ගත හැකි නම් කුමක් කළ යුතුද?

බොහෝ විශ්ව විද්‍යාල පරීක්ෂකයන් සහ ව්‍යවසායකයින් මෙය අවස්ථාවක් කර ගැනීමට සැරසීම බහුලව දක්නට ලැබෙන කරුණක් වනවා. එසේ ලබාදෙන බොහෝමයක් විසඳුම් ලෙස මිශ්‍ර ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉලක්ක කර මුල් ඒවාට වඩා වෙනස් යෙදුම් යෝජනා කිරීමට සමත් වී තිබෙනවා. උදාහරණයක් ලෙස, කණ්ඩායම් කිහිපයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් සාදන ලද ගොඩනැගිලි ද්‍රව්‍ය නිර්මාණය කිරීමට සමත් වී තිබෙනවා.

ප්ලාස්ටික් ශක්තිමත්, කල් පවතින, ජල ආරක්ෂිත, සැහැල්ලු, අච්චු කිරීමට පහසු සහ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍යයක් වන අතර ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා වන සියලුම ප්‍රධාන ගුණාංග මෙහි අන්තර්ගත වනවා.

මේ සියලු ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩු ආදායම්ලාභී ජනතාව සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ හැකියාව පරික්ෂා කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙනවා.

ඒ අනුව මෙම පරීක්ෂකයන් කණ්ඩායම ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් සාදන ලද ගොඩනැඟිලි කොටසක් සංවර්ධනය කිරීමට උත්සාහ කිරීම මේවනවිට සිදුකරමින් පවතිනවා. වර්ණ PET බෝතල්, පොලිප්‍රොපිලීන්, පොලිඑතිලීන් ගොඩනැගිලි සැදීමට අවශ්‍ය වන කොන්ක්‍රීට් අපද්‍රව්‍ය සහ රතු මඩ වැනි වෙනත් ද්‍රව්‍ය වෙනුවට මෙය භාවිතා කල හැකිදැයි මේ අනුව පරික්ෂා කරනවා.

මේ අනුව ඉදිරියේදී ප්ලාස්ටික් යනු ගැටලුවක් නොව වඩාත් තිරසාර ජීවන මාර්ගයක් කරා යන මාවතක කොටසක් විය හැකිබව බොහෝ දෙනාගේ අදහසයි.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post