ඉන්දීය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි පිය පදවියට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඔහු සහ බිරිද වන නිළි අනුෂ්කා ෂර්මා ඉකුත්දා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පණිවිඩය ප්‍රකාශයට පත් කර ඇති අතර ඔවුන් දෙදෙනාම සමාජ මාධ්‍යවල පින්තූරයක් බෙදාහදා ගත් අයුරු ද සමාජ මාධ්‍ය උපුටා දක්වනවා.
මේ අනුව 2021 ජනවාරි වන විට තුන්වන සාමාජිකයෙකුගේ අපේක්ෂාව පිලිබදව ඔවුන් එම සටහනේ වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.