News Line| Off Air
Generic placeholder image

Aug
28

වායු දූෂණය අවම කිරීම සඳහා හොඳම ගස්

4708 Views


වායු දූෂණය අවම කිරීම සඳහා හොඳම ගස්

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මිනිසුන් ජනාවාස, මාර්ග සකස් කිරීම සඳහා වනාන්තර එළි පෙහෙළි කර තිබීම සියලුදෙනාම දන්නා කරුණක් වනවා. නමුත් වර්තමානය වන විට නැවතත් නගරය තුල හරිත පැහැය ලබා ගැනීම සඳහා විවිද රටවල් විවිද උපක්‍රම යොදාගනිමින් සිටිනවා. වෘක්ෂලතාදිය රෝපණය මඟින් නගර ආශ්‍රිතව ජිවත්වන සතුන්ට සහ මිනිසුන්ට නගරය වඩා හොඳ වාසස්ථානයක් බවට පත් කිරීමට උත්සහ ගැනීම මෙහි අරමුණ වනවා. නමුත් මෙහි ප්‍රධානම අවශ්‍යතාවය වන්නේ නගර ආශ්‍රිතව වායු දුෂණය අවම කිරීමට කටයුතු කිරීමයි.

සමහර ගස්වල නාගරික වායු දූෂණය අවම කිරීමට උපකාරී වන ගති ලක්ෂණ රාශියක් ඇති අතර ලොව පුරා නගර වල ඒවා රෝපණය කිරීමට කටයුතු කිරීම පරිසර හිතකාමීන්ගේ අදහස වී තිබෙනවා. ඒ අනුව 2019 ජනවාරි මාසයේදී ලන්ඩන් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊළඟ වසර අවසන් වීමට පෙර ගස් 7,000 ක් සිටුවන එරට තුල සිටුවීමට පියවර ගන්නා බවයි.

මේ අතර, බීජිංහි නිජබිම වන චීනයේ හෙබෙයි පළාතේ, අගනුවර අවට ඇති කර්මාන්තශාලා වලින් සිදුවන දූෂණය අවම කිරීමට “හරිත මාලයක්” ලෙස නගරය වටා ශාක රෝපණය කිරීමට පියවර ගත්තා. පැරිසිය විසින් නාගරික වනාන්තරයක් සැලසුම් කරමින් සිටින අතර දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීමට සහ නගරයේ වාතයෙහි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමට, එය බවිතා කිරීමට නියමිතයි.

වායු දූෂණය අවම කිරීම සඳහා ගස් වැල් විශාල වශයෙන් ඵලදායි ලෙස භාවිතා කිරීමට සියලුම රටවල් වග බලා ගත යුතු වනවා. නමුත් නාගරික අවකාශයක ගස් සිටුවීම එතරම් සරල ක්‍රියාවක් නොවේ.

නමුත් සමහර ගස් අනෙක් ඒවාට වඩා වාතයෙන් දූෂක පෙරීමට වඩා ඵලදායි ලෙස භාවිතා කිරීමට හැකි වන බැවින්, විදියක හෝ නගරයක වාතයේ ගුණාත්මක භාවයේ වෙනසක් කිරීමට නම් තෝරා ගන්නා ශාකය එහි සිටුවීම සඳහා සුදුසු ගසක් විය යුතුය.

වසර 30 ක් තිස්සේ වාතයේ ගුණාත්මකභාවය සඳහා ශාකවල දායකත්වය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින එක්සත් ජනපද වන සංරක්ෂණ සේවයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු වන ඩේවිඩ් නෝවාක් සඳහන් කරන්නේ දූෂක කාරක විමෝචනය අවම කිරීමට වායු පෙරීම ඉහළ වශයෙන් සිදුකරන ගස් වගා කිරීමට පියවර ගත යුතු බවයි.

ගස්වලට සෘජු හා වක්‍ර ආකාරවලින් වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කළ හැකිය. මීට අමතරව මතුපිට සෙවන සහ උෂ්ණත්වය අඩු කිරීමෙන් ඔවුන්ට උදව් කළ හැකිය. ගොඩනැගිලි ගස් වලින් සෙවන කර ඇත්නම්, එය සාම්ප්‍රදායික වායුසමීකරණයක් වන අතර පිරිසිදු වාතය පරිසරයට මුදාහැරිමක්ද වනවා.

වාතයෙන් දූෂක කෙලින්ම ඉවත් කිරීමේදී ගස් ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඉතාලි ජාතික පර්යේෂණ කවුන්සිලයේ ජෛව ආර්ථික විද්‍යා ආයතනයේ ශාක භෞතික විද්‍යාඥ රීටා බරල්ඩි පවසන්නේ ශාක බොහෝ විට පරිසර පද්ධතියක “පෙනහළු” ලෙස පෙනෙන්නේ ඒවා කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඔක්සිජන් විමෝචනය කරන ප්‍රධාන හේතුව නිසා බවයි. වායුගෝලීය දූෂක වන සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඒවායේ කොළ හරහා පෙරීම මගින් පරිසර පද්ධතියක තව දුරටත් ආරක්ෂා කිරීමට ශාක වලට හැකියාව ලැබී තිබෙනවා. අංශු පදාර්ථ ඉවත් කිරීමට ගස් විශේෂයෙන් ඵලදායි වන බවද ඇය පවසනවා.

ෆොසිල ඉන්ධන දහනය කරන වාහන සහ කර්මාන්තශාලා මෙන්ම ඉදිකිරීම් ස්ථාන වලින් විමෝචනය වන කාබනික රසායනික ද්‍රව්‍ය, අම්ල, ලෝහ හා දූවිලි වල කුඩා අංශු ලෙස පැමිණෙන අතර මෙම සියුම් අංශු ද්‍රව්‍ය පහසුවෙන් මිනිස් ශ්වසන පද්ධතියට විනිවිද යා හැකි වනවා. පෙනහළු හා හෘද වාහිනී රෝග හෝ ශ්වසන රෝග මේ හේතුවෙන් වර්ධනය වන අතර ගෝලීය වශයෙන් වසරකට මිලියන 8.9 ක මරණ සිදුවන්නේ මේ හේතුවෙන් වන බව පරීක්ෂකයන්ගේ අදහසයි.

මුලාශ්‍රය – BBC


News Articles
Latest Videos
Most Popular Post