News Line| Off Air
Generic placeholder image

Aug
31

ගුවන් යානාවල රහස් තොරතුරු ඇතුලත් මොකද්ද මේ කළු පෙට්ටිය

1922 Views


ගුවන් යානාවල රහස්  තොරතුරු  ඇතුලත් මොකද්ද මේ කළු පෙට්ටිය

ගුවන් යානාවක් අනතුරට පත් වීමෙන් අනතුරුව එසැණින් අපට මතක් වන්නේ කළු පෙට්ටිය එසේත් නැතිනම් බ්ලැක් බොක්ස්ය. ඊට හේතු වන්නේ යම් ගුවන් අනතුරකදී කළු පෙට්ටිය සොයා ගැනීම තුලින් එයින් අනතුර සිදු වුයේ කෙසේදැයි සොයාගැනීමට පුළුවන් වීමයි.

මේ ඒ ගුවන් යානාවක කළු පෙට්ටිය පිලිබදව කරනු ලබන සටහනක්,

කළු පෙට්ටිය නමින් හැදින්වුවත් පියාසැරි දත්ත ගබඩා කෙරෙන මෙම උපාංගය කළු පැහැයක් නොගනී. ගුවන් ගමන් මුල් කාලයේදී එම උපාංගය අයත් සියලුම ඉලෙක්ට්‍රොනික රහස්‍ය උපාංගය බ්ලැක් බොක්ස් යනුවෙන් හැදින් වුවත් මෙම උපාංගය සැබවින්ම තද තැඹිලි පැහැයකින් යුක්තය. ඒ අනතුරකදී සුන්බුන් අතර මෙම උපාංගය පහසුවෙන් හදුනාගැනීම සදහාය.

මෙම ගුවන් යානාවල කළු පෙට්ටියේ කතාව ආරම්භ වන්නේ 1950 දශකයේ පමණය. මෙහි නිර්මාතෘවරයා වන්නේ ඕස්ට්‍රලියානු ජාතික ඩේවිඩ් වොරන්ය. මොහු විසින් ගුවන් යානාවක නියමු භුමියේ සිදුවන කතා බහ හදුනාගැනීමට හා සියලුම යාන්ත්‍රික කොටස් අධික්ෂණය කිරීමට උපාංගයක් නිර්මාණය කරන ලදී. මේ අනුව අද වන විට සියලුම ගුවන් යානා සදහා මෙම කළු පෙට්ටිය අනිවාර්ය කර තිබෙනවා.

මගී ගුවන් යානාවක කළු පෙට්ටිය තුල ප්‍රධාන කොටස් දෙකක් තිබෙන අතර එයින් පළමුව එන්ජිමේ ක්‍රියාකාරී භාවය , යානය ගමන් කරන උස, දිශාව හා පවතින වේගය, ආදී තොරතුරුද එමෙන්ම අනෙක් කාරණාව වන්නේ ගුවන් නියමු කුටිය තුල සිදු වන්නා වූ කතා බහ ගුවන් නියමුවන් අතර හා නියමු කාර්ය මණ්ඩලය අතර ගුවන් තොටුපොල කාර්ය මණ්ඩලය අතර ඇති වන්න වූ සංවාද මෙහි ඇතුලත් වෙනවා.

මෙම කළු පෙට්ටිය ඕනෑම තත්වයකට ඔරොත්තු දිය හැකි පරිදි සකසා ඇති අතර ගුවන් යානා අනතුරකදී එයට අවම වශයෙන් වත් හානියක් සිදු නොවන ආකාරයට ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. පිපිරීම් වලට පවා ඔරොත්තු දෙයි. වානේ සහ ටයිටේනියම් මිශ්‍රණයකින් නිමවා ඇති මෙය ගුවන් යානාවල කළු පෙට්ටිය ස්ථාන ගත කර ඇත්තේ යානයේ පිටුපස කොටසේය. ඊට හේතු වන්නේ බොහෝ දුරට යම් අනතුරකදී ගුවන් යානයේ පිටුපසට සිදුවන බලපෑම අවම වීමයි.

එපමණක් නොව විශේෂම කරුණ වන්නේ මෙම කළු පෙට්ටියේ ආයු කාලය දින 30 ක් වීමයි. මේ ඒ අනතුර සිදු වූ දින සිට දින 30 ක් තුලයි. මේ අනුව එයටම අවේනික බැටරි විශේෂයක් මෙහි තිබෙන අතර මෙහි ආයු කාලය දින 30 කි . මේ අනුව යම් ගුවන් අනතුරකදී දින 30 ක් ඇතුලත මෙම කලු පෙට්ටිය සොයා ගැනීම අතිශය වැදගත් වනවා.


News Articles
Latest Videos
Most Popular Post