දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන් ඇති විය හැක. බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වනවා.
උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (01) දින දහවල් 12:10 ට නොච්චියාගම, යාලේගම, ගල්කුලම, සියඹලෑව, නිතුල්ගොල්ලෑව සහ වෙරුගල් ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.