තරුණියකගේ මුඛයෙන් අඩි 04ක් පමණ දිගින් යුත් සර්පයෙකු ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙන පුවතක් රුසියාවේ, ඩේගස්ටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
සිය නිවසේ පසුපස පිහිටි උද්‍යානයකදී නිදාගෙන සිටි තරුණියක් අවදි වීමෙන් පසු ශරීරයේ ඇති අපහසුතාවයක් හේතුවෙන් ඇය රෝහල කරා රැගෙන ගොස් තිබෙන අතර එහිදී වෛද්‍යවරුන් විසින් ඇයට ශල්‍යකර්මයක් සිදු කොට තිබෙනවා. මෙහිදී ඇයගේ ශරීරයේ අභ්‍යන්තරයේ සිටි සර්පයා මුඛය තුලින් පිටතට ගැනීම සිදු කර තිබෙනවා. උද්‍යානයෙන් නිදාගෙන සිටින අවස්ථාවේදී මෙම සර්පයා ඇගේ මුඛය හරහා ශරිර අභ්‍යන්තරයට ඇතුල්වන්නට ඇති බවයි වෛද්‍යවරුන් සැක කරන්නේ.