මේ වන විට දිනෙන් දින ලෝකයේ පිළිකා රෝගීන් ගණන ඉහල යමින් පවතිනවා. වයස් සීමාවකින් තොරව හට ගැනෙන මෙම මාරාන්තික රෝගය සුව කිරීමට සමත් ඖෂධයක් නිශ්චිතවම මේ වන තෙක් වෛද්‍යවරුන් සොයාගෙන නොමැත. මේ හේතුවෙන් පිළිකා රෝගීන් දිනකට දහස් ගණනක් මෙලොව හැර යනවා.
මෙවන් පසුබිමක ඕස්ට්‍රලියාවේ හැරී පර්කින්ස් වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් සිදු කල පරික්ෂනයකින් පියයුරු පිළිකා සුව කිරීමේ ක්‍රමයක් සොයාගෙන තිබෙනවා.
ඒ මී මැසි විෂ භාවිතයෙන් පියයුරු පිළිකා ප්‍රභේද දෙකක් විනාශ කර දැමීමේ හැකියාවක් පවතින බවයි එම පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ. මෙම පරීක්ෂණය සදහා මී මැස්සන් 300 ක් භාවිත කරමින් එම සත්වයින්ගේ විෂ තුල අඩංගු මෙලටින් නම් සංයෝජය හරහා සෛල මැඩලීමේ හැකියාවක් පවතින බවයි සොයාගෙන තිබෙන්නේ. මෙහි ඇති විශේෂත්වය නම් පිළිකා සෛල පමණක් විනාශ කර දැමීමට ඇති හැකියාවයි. වෙනත් කිසිදු සෛලයකට මේ තුලින් බලපෑමක් නොවන අතර කෙසේ වෙතත් මෙම සොයාගැනීම තව දුරටත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.