මහනුවර නගරයේ පොදු වැසිකිළි තුළදී පාසල් සිසුන් ලිංගික අතවරයට ලක් කරන කල්ලියක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ මහනුවර පොලිස් මුලස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්.
මහනුවර නගරයේ ඇති පොදු වැසිකිළිය පාවිච්චි කරන පාසල් සිසුවියන් හට බිය ගන්වා බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කරන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. මේ පිලිබදව විමර්ශනයක් ආරම්භ කල පොලිස් නිලධාරීන් විසින් පොදු වැසිකිළි අසල සිවිල් ඇඳුමෙන් සැරසී සිට ඊට සම්බන්ධ අදාල සැකකරුවන් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙනවා.