ඉකුත් දා මහනුවර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම කම්පන තත්වයක් වාර්තා වුණා. ඊට හේතු ලෙස සොයාගෙන තිබුනේ මහනුවර ආශ්‍රිතව පවතින ඩොලර්මයිට් නිධියේ ස්ථරවල ඇති වූ ආතතිය නිදහස් වීමක් ලෙස මෙලෙස එම කම්පන තත්ත්ව ඇති වුණ බවයි.
කෙසේ වෙතත් මහවැලි ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල කුඩා භූ කම්පන ඉදිරි කාලයේ දී ද සිදු විය හැකි බවත් වාර්තා වෙනවා. ඒ ජලාශවල ජල පීඩනය නිසා හෝ ජලාශ ආශ්‍රිත හුනුගල් පැලෙද්දී ඇතිවන පීඩනය පිටතට ඒමේ ක්‍රමයක් ලෙස මෙලෙස භූ කම්පන තත්වයක් ඇති විය හැකි බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.
මේ අනුව මෙවැනි කුඩා භූ කම්පන ඉදිරි කාලයේ දී ඇති වීමේ අවදානමක් පවතින බව ද බලධාරීන් සදහන් කරනවා.