දිවි නසාගත් බව පැවසෙන ඉන්දීය සුපිරි නළුවෙක් වන සුෂාන්ත් සිං රාජ්පුත් ආදරයෙන් ඇතිදැඩි කළ සුනඛයින් තිදෙනෙක් පිලිබදව විදෙස් වාර්තා සදහන් කරනවා.
ඔහුගේ මරණයෙන් පසුව මෙම සුරතලුන් තිදෙනාගේ අයිතිය රැකබලා ගැනීම පිලිබදව යම් ගැටළුවක් ඇතිව තිබෙන බව පැවසෙන අතර සුෂාන්ත් සිං රාජ්පුත් මිය යාමට දිනකට පෙර ලොනවල ගොවිපොළේ භාරකරු හට සිය බල්ලන් තිදෙනා රැකබලා ගැනීම සඳහා ඔහු විසින් මුදල් ගෙවා ඇති බවද වාර්තා වෙනවා..
කෙසේ වෙතත් අමර්, අක්බාර් සහ ඇන්තනි ලෙස නම් කරන ලද මෙම සුනඛයන් දිගටම රැකබලා ගැනීම සදහා ගොවිපොළේ අයිතිකරු සුදානම් වන බවද මේ වන විට වාර්තා වෙනවා..



