News Line| Off Air
Generic placeholder image

Sep
9

මිනිසා සහ කාලය විසින් ලොව විශාලතම ජීවියා ඝාතනය කරයි

1914 Views


මිනිසා සහ කාලය විසින් ලොව විශාලතම ජීවියා ඝාතනය කරයි

ලොව විසූ විශාලතම ජීවීයා වූ මහා භාධක කොරල්පරය, මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ පිලිබදව අද නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශෝකජනක පුවත නිල වශයෙන් ලොවට දැනුම් දුන් විද්‍යාඥයින්, මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා ලෙසට එය හඳුන්වාදෙනු ලබනවා.

දූපත් 1,050 ක්, මසුන් හැර ජීවී වර්ග 1,625 ක්, මසුන් වර්ග 3000 ක් සඳහා වාසස්ථාන සැපයූ සැතපුම් 1,400 ක් විශාල කොරල්පරය, මින් මතු ජීවින් කිහිපදෙනෙකුට නිවසක් වශයෙන් පමණක් භාවිත කළ හැකි සැකිල්ලක් පමණක් වෙයි. ලොව සිටින තල්මසුන් අතරින් වර්ග 30 ක් ම ජිවත් වුයේ මෙම කොරල්පරය ආසන්නයේ වන අතර කොරල්පරයේ ජිවිය මත යැපුණු ජීවින් වර්ග 600 ක් පමණ මේ කොරල් පරයේ අවසානයත් සමඟ මෙලොවින් සමුගෙන ඇත.

මෙම මහා බාධක කොරල් පරයේ විශාලත්වය මුළු බ්‍රිතාන්‍යයේ ම වර්ග ප්‍රමාණයටත් වැඩි භුමි ප්‍රමාණයක් හිමි කරගෙන සිටි අතර සඳේ සිට දැකිය හැකි එකම ජිවියා වන්නේද මෙම කොරල්පරයයි.

මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සමුද්‍රයට එකතු වීම මෙන් ම කර්මාන්තශාලා අපද්‍රව්‍ය සාගර පද්ධතියට එකතු වීම හරහා මෙම වසර මිලියන 25 ක අතීතයක් තිබු මෙම ස්වභාව දහමේ අපුරු නිර්මාණය මිනිසා හා කාලය විසින් ඝාතනය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post