දිවයිනේ සමස්ථ ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
දැනට පවතින ඇතැම් ජාතික පාසැල් නමට පමණක් සීමා වී ඇති අතර ඒවායේ ප්‍රමාණයත් පහසුකම් කිසිවක් නොමැති බවත් සඳහන් කර සිටින ජනාධිපතිවරයා එවැනි පාසල් කඩිනමින් සංවර්ධනය කළ යුතු බව පෙන්වා දෙයි.
සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග ඊයේ(10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විසින් මෙම තීරණයන් ට එළඹ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.