කුවේටයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා සිදුකොට මරා දැමීම සම්බන්ධයෙන් එරට පොලිසිය කුවෙට් යුවළක් පිළිබඳව මේ වන විට
පරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වෙනවා. ඒ අනුව එම පහරදීමෙන් මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි ශ්‍රී ලංකික කාන්තවක් වන අතර කැපුම් සහ පිළිස්සුම් තුවාල සහිතව එම කාන්තාව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් අදාල සිද්ධිය පිලිබදව මේ වන විට ප්‍රශ්න කිරීම සිදු කරන අතර එම නිවසේ ස්වාමිපුරුෂයා විසින් කරන ලද පාපොච්ඡාරණය කදී සදහන් ව ඇත්තේ ලාංකික සේවිකාවට මගේ බිරිඳ පහර දුන්නේ ඝාතනය කිරීමේ අදහසින් නොවන බවයි.
සිද්ධිය පිලිබදව මේ වන විට එරට පොලීසය විසින් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා.