News Line| Off Air
Generic placeholder image

Sep
21

හලාවත ප්‍රදේශයට අහසින් වැටුණු මාළු දැල

871 Views


හලාවත ප්‍රදේශයට අහසින් වැටුණු  මාළු දැල

ඊයේ දිනයේ දී හලාවත ප්‍රදේශයට අහසින් පාවී මාළු දැලක් වැටී ඇති බවට පුවතක් වාර්තා වනවා. මේ මාළු දැල වැටෙන අවස්ථාවේ තද වර්ෂාවක් තිබී ඇති බව වාර්තා වන අතර එම දැල කිලෝග්‍රෑම් තුන්සියයක් පමණ බරකින් යුක්ත බවද පැවසෙනවා.

මේ සිදුවීම ඇසින් දුටු පුද්ගලයින් සදහන් කරන්නේ හලාවත මුහුද දෙස සිට ඉහල අහසේ සිට පාවෙමින් ආ මෙම මාළු දැල හලාවත ආදාහානාගාරය දෙසට වැටුණු බවයි. මෙම මාළු දැල මෙරට භාවිතා නොවන එකක් බව පැවසෙන අතර නයිලෝන් නුලෙන් නිර්මාණය වී ඇති මේ දැල චීනය, තායිවානය හෝ අසල්වැසි ඉන්දියාවේ භාවිත වන එකකට සමාන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post