News Line| Off Air
Generic placeholder image

Sep
21

චීනයෙන් නව උණ රෝගයක් පැතිර යයි

683 Views


චීනයෙන් නව උණ රෝගයක් පැතිර යයි

චීනයේ ගන්ෂු පළාතේ උණ රෝගයක් පැතිර යන බවට වාර්තා වෙනවා. මෙම උණ රෝගය ඉකුත් නොවැම්බර් මාසයේ ව්‍යප්ත වීම ආරම්භ වී තිබෙන බව අපවසෙන අතර මේ වනවිට දහස් ගණනකට ආසන්න පිරිසකට මෙම උණ වෛරසය ආසාදනය වී තිබෙන බවටයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය මෙන් මෙම උණ රෝගය දරුණු නොවන බව විශ්ලේෂකයින් සදහන් කරන අතර මෙම වෛරසයේ අතර රෝග ලක්ෂණ අතර මස්පිඩු වේදනාව, සිරුරේ බර අඩුවීම සහ ශරීරය දුර්වල වීමඅධික උණ, හිසේ කැක්කුම, සදහන් කල හැකි බවද වැඩි දුරටත් සදහන් වෙනවා.

මෙම වෛරස උණ රෝගය මේ වන විට පුද්ගලයින් 3,245 කට ආසාදනය වී තිබෙන බව වාර්තා වන අතර අදාල ලැන්ෂෝ හි ජෛව ඖෂධ සමාගමක් අතින්, අත්වැරැදීමකින් අදාළ බැක්ටීරියාව වාතයට මුසු වී ඇතැයි චීන බලධාරීන් වැඩි දුරටත් අනාවරණය කරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post