පසුගියදා මහනුවර බුවැලිකඩ පස්මහල් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අනුමැතිය ලබාදුන් බවට එම නිවසේ හිමිකරු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී.ටී රාජසේකරන් මහතා සදහන් කරනවා.
ඊයේ (21) රාත්‍රියේ අනතුරින් ජීවිතක්ෂයට පත් අඹුසැමි යුවළ සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳාගේ දේහයන් ඥාතීන් වෙත භාර දී තිබෙන අතර
මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස්මහල් නිවසක් ඊට පහළින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතට කඩා වැටීමෙන් අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳාට දිවි අහිමි වු අතර පසුව අලුයම මෙම කඩාවැටීම සිදු වූ අතර යුවළගේ මළ සිරුරු සුන්බුන් අතරින් ඉවතට ගත හැකි වූයේ පැය අටකටත් අනතුරුවයි.
කඩාවැටුණු නිවස අයත්ව තිබුණේ දොඩංවල නාථ දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාටය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නියෝජිතයන්ද අදාළ ස්ථානය නිරීක්ෂණය කළ අතර එහි භූ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ පස්මහල් නිවස ඉදිකිරීමේදී භූමියේ පවතින තත්ත්වය කිසිසේත්ම සැලකිල්ලට ගෙන නොමැති බවයි.
නිසි අනුමැතින්ගෙන් තොරව නිවස ඉදිකළ බවට එල්ල කෙරෙන චෝදනා නිවසේ හිමිකරු ප්‍රතික්ෂේප කරන අතර නිලධාරීන් පස් දෙනකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක්ද පත්කර ඇති අතර එම නිලධාරීන් නිවස ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදුන් බව කියන සියලු ආයතනවලින්, ඒ බව සනාථ කෙරෙන ලේඛන ගෙන්වාගෙන පරීක්ෂා කිරීමටද නියමිතයි.