News Line| Off Air
Generic placeholder image

Sep
22

නුගේගොඩ ඉදිකරමින් තිබු සිවුමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටි එහි හිමිකරු මිය යයි

1662 Views


නුගේගොඩ ඉදිකරමින් තිබු  සිවුමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටි එහි හිමිකරු මිය යයි

ඉදි කරමින් සිටි තට්ටු හතරේ ගොඩනැගිල්ලකින් හදිසියේ ඇද වැටි එහි හිමිකරු ජිවිතක්ෂයට පත්ව තිබෙන පුවතක් වාර්තා වෙනවා. මෙම ගොඩනැගිල්ල
නුගේගොඩ නාලන්දාරාම පාරේ ඉදි කරමින් තිබු අතර මිය ගිය පුද්ගලයා ගොඩනැගිල්ලේ සිව්වන මහලේ එක්රැස්ව තිබූ අබලි ද්‍රව්‍ය තොගයක් ඉවත් කරමින් සිටියදී එම අබලි ද්‍රව්‍ය බහාලන යකඩ කුඩය පහලට වැටීමට යාමේදී, එය අල්ලා ගැනීමට යාමේදී ඔහුද එම යකඩ කුඩය සමග මෙලෙස තට්ටු හතරේ ගොඩනැගිල්ලෙන් ඇද වැටි තිබෙනවා.

මෙලෙස ඇද වැටුණු පුද්ගලයාගේ කොඳුඇට පේළිය ස්ථාන දෙකකින් බිදී ගොස් තිබූ අතර බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

සිද්ධිය පිලිබදව කොහුවල පොලීසිය වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.


News Articles
Latest Videos
Most Popular Post