News Line| Off Air
Generic placeholder image

Sep
22

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

720 Views


කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

මේ වන විට ආරම්භ වී තිබෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට එන ජනතාව පවතින කොරෝනා වෛරසය ව්‍යප්ත වීම වැලැක්වීම සදහා රජය සහ සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් මෙම පොත් ප්‍රදර්ශනය නතර කර දැමීමට හෝ පවතින දින ගණන සිමා කිරීමට සිදු වන බවයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා සදහන් කරනවා.

මිට අදාල වාර්තාවක් මේ වන විට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදුන් බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට අති විශාල ජනතාවක් පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post