News Line| Off Air
Generic placeholder image

Sep
23

වැල්ලවාය ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් හදිස්සියේ ගිනි ගනී

608 Views


වැල්ලවාය ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් හදිස්සියේ  ගිනි ගනී

වැල්ලවාය – ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. ඉන්ධන පොම්පය අසල ත්‍රීරෝද රථය නවතා ඉන්ධන ලබා ගනිමින් තිබිය දී එම ගින්න හට ගෙන ඇති බව වාර්තා වේ.

පසුව එම ස්ථානයේ සිටි ඉන්ධන පොම්පකරුවන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට සමත්වීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් මඟහැරී ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post