News Line| Off Air| Games
Generic placeholder image

Sep
26

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

1048 Views


අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

අද (26) සිට පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

ඒ අනුව අද රාත්‍රී  08.00 සිට හෙට (27) පෙරවරු 06.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි.

කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩසටහන යටතේ බෙදාහැරීම් පද්ධතියේ අතශවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post