2000 වසරේ සිඞ්නි හි පැවති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා වසර 20 ක් ගත වෙනවා. කෙසේ වෙටහ්ත් මෙහිදී රන් පදක්කම දිනා ගත් අමෙරිකාවේ කෙටි දුර ධාවන ශූරී මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරු වීමත් ඇය ගත් එම රන් පදක්කම අහිමි වූ අතර එහිදී දෙවන ස්ථානය දිනා ගත් බහමාස් හි ඬේවිස් තොම්සන් රන් පදක්කම හිමි වූ අතර එහිදී ලෝකඩ පදක්කමට හිමිකම් කියූ ශ්‍රී ලංකික ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ රිදී පදක්කම තිලිණ වුණා.
මේ අනුව මේ දක්වා ගතවූ වසර 20 තුල ශ‍්‍රී ලංකාව ඔලිම්පික් ක‍්‍රීඩා උලෙල රැසක් නියෝජනය කිරීමට හැකි වුවද කිසිදු පදක්කමක් දිනා ගැනීමට හැකි වුයේ නෑ.