ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් අතවශ්‍ය ද්‍රවය පමණක් මෙරටට ආනයනය කිරීමට රජය ගත් තීරණයත් සමග වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සදහන් කරන්නේ.
ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයෝටා පැසෝ, ටොයෝටා විට්ස් වැනි වාහන ඉතා අවම මට්ටමක වෙළෙදපොලේ තිබෙන බවයි වාර්තා වන්නේ. මේ තත්වය මත වෙළෙදපොලේ පවතින වාහන වලද මිල ගණන් අසීමාන්තික ලෙස ඉහල ගොස් ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.