දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම හා දකුණු පළාත්වලත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වල ඌව පළාතේත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග සිදුවිය හැකි අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතවගෙන් ඉල්ලා සිටිනවා.