News Line| Off Air
Generic placeholder image

Sep
30

බස් රථයක් තුල කාන්තාවකට ලිංගික හිංසනයක් කලැයි 24 හැවිරිදි තරුණයෙකු පොලීසියට කොටු

1297 Views


බස් රථයක් තුල  කාන්තාවකට ලිංගික හිංසනයක් කලැයි 24 හැවිරිදි තරුණයෙකු පොලීසියට කොටු

ඊයේ සවස රාජකාරි නිමවා නිවාස බලා යමින් සිටි 49 හැවිරිදි රාජ්‍ය අංශයේ නිලධාරිනියක් කලුතර සිට අලුත්ගම දක්වා ධාවනය බස් රථයක ගමන් කරමින් සිටියදී පසු පස අසුනේ සිටි පුද්ගලයෙක් ශරීරය අවස්ථා කිහිපයකදී විටින් විට ස්පර්ශ කර තිබෙන බව පවසන ඇය එහිදී අදාල බස් රථයේ මගීන්ට හා කොන්දොස්තරවරයාට මේ පිලිබදව පවසා තිබෙනවා. එම අවස්ථාවේ අලුත්ගම බස් නැවතුමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු මෙම සැකකාර පුද්ගලයාව අත් අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

සැකකාර පුද්ගලයා වයස අවුරුදු 24 ක් තරුණයෙක් වන බවත් කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ද වන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post