News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදයි

778 Views


ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදයි

අද(01) ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනයයි.

මෙවර ළමා දින ජාතික උත්සවය හෙට(02) දිනයේ “අප රට අපේ දෑතින්” යන තේමාව යටතේ පැවැත්විමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ළමා දින ජාතික උත්සවය පැවැත්විමට නියමිත අතර ලෝක ළමා දිනයට සමගාමීව ළමුන්ගේ ආරක්ෂාව උදෙසා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එහි සභාපති මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post