News Line| Off Air
Generic placeholder image

Oct
4

දිවුලපිටිය සහ මිනුවන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය පනවයි

785 Views


දිවුලපිටිය සහ මිනුවන්ගොඩට පොලිස් ඇඳිරි නීතිය පනවයි

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ.

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයෙන් කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග එම පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

බෙම්මුල්ල, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වෙයි

ඊට අමතරව මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල, ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම ගම්මාන ඉදිරියේ දී හුදකලා කිරීමට ද අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසු අතර මහජනතාවට තම නිවෙස් වල රැදි සිටින ලෙස ඉල්ලීමක් කරයි.


News Articles
Latest Videos
Most Popular Post