News Line| Off Air
Generic placeholder image

Oct
4

දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කත ඇසුරු කළ 400ක් හඳුනාගනී

567 Views


දිවුලපිටියේ කොවිඩ් ආසාදිත කත ඇසුරු කළ 400ක් හඳුනාගනී

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයින් 400ක් පමණ හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බව මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය මහතා සඳහන් කළේය.

අදාළ පිරිස ඉදිරියේදී PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගන්නා බව වාර්තා වෙයි.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

නැවත දැනුම්දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.

මේ අතර බෙම්මුල්ල, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා සංචරණ සීමා පැනවීමට ද පියවර ගෙන තිබේ.

මිනුවන්ගොඩ, ගන්හින්මුල්ල ග්‍රාමසේවා වසමට ද සංචරණ සීමා පනවා ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post