News Line| Off Air
Generic placeholder image

Oct
5

ඉදිරි පැය 72ක කාලය ඉතා තීරණාත්මක බව යුධ හමුදාපති කියයි

1310 Views


ඉදිරි පැය 72ක කාලය ඉතා තීරණාත්මක බව යුධ හමුදාපති කියයි

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා අසාදිත කාන්තාව ඇසුරු කල සමිපතමයින්ගේ ඊයේ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණයේ වාර්තා අද දිනයේදී ලැබීමට නියමිත බව යුධ හමුදාපතිවරයා සදහන් කරන අතර මේ අනුව කොරෝනා ආසාදිත කාන්තාවගේ වෛරසය ආසාදනය වූ නියැදිය සම්බන්ධයෙන් පැහැදිලි නිශ්චිත තොරතුරක් ලබා ගැනීමට මේ තුලින් හැකි වන බවයි යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.

මෙම කර්මාන්ත ශාලවේ සේවය කරනු ලබන පුද්ගලයින් මුණ ගැසීමට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් පිරිස් පැමිණ තිබෙන බවත් ඒ හේතුවෙන් මෙම කර්මාන්ත ශාලාවේ අනෙකුත් සේවකයින්ට කොරෝනා වෛරසය අසාදනය වී ඇත්දැයි සොයා ගැනීමට අද දිනයේදී නිකුත් වන වාර්තා උපකාර වන නිසා ඉදිරි පැය 72ක කාලය ඉතා තීරණාත්මක බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post