තෙවන කොරෝනා බලපෑම
දිවුලපිටිය, හොරගස්මුල්ල, බෝඹුගම්මන ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෙෙරසය අසාදිත 39 හැවිරිදි කාන්තාවක් ඊයේ හදුනා ගත්තා.
ඒ අනුව ඇයගේ 16 හැවිරිදි දියණිය ද පී.සී.අාර්. පරීක්ෂණයට ලක් කළ අතර අැයට ද වෙෙරසය අාසාදනය වී අැති බව ඊයේ පස්වරුව වනවිට තහවුරු වුණා.
අදාළ කාන්තාවෙග් ස්වාමිපුරුෂයා, පුතුන් දෙදෙනා මෙන්ම අැය සේවය කළ අැගළුම් කම්හලේ ස්වකයින් 1400කට අධික පිරිසක් පී.සී.අාර්. පරීක්ෂණ වෙත යොමු කෙරුණා.
ඉන් අැගළුම් කම්හලේ සේවකයින් 69 දෙනෙකුට වෙෙරසය අාසාදනය වි අැති බව දහවල් වනවිට තහවුරු වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීෙමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළේ.
ඒමෙන්ම වෙෙරසය ආසාදිත කාන්තවගේ, ආසාදිත දියණීය අැසුරු කළ සිසුන් පිරිසක් ද මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
වෙෙරසය ආසාදිතකාන්තාව හදුනා ගැනීමත් සමග දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන ප්‍රදේශවලට ඊයේ පැන වූ අැදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි.
ඊයේ සිට මේ දක්වා මිනුවන්ගොඩ ප්‍රදේශෙය් අැදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන අැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඒමෙන්ම අනෙකුත් ප්‍රදේශවලට අැදිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබද මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර වෙෙරසය පිළිබද අද දින සිදු කරන නිරීක්ෂණවලට අනුව ඒහි ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තා වුවහොත් ඒ පිළිබද තීරණයක් ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
අදාළ තත්වය යටතේ දිවයිනේ සියලුම පාසල්වල දෙවන පාසල් වාරය සදහා වන නිවාඩුව අද සිට ක්‍රියාත්මකයි.
ඒමෙන්ම අද සිට දිවයිනේ සියලුම පෙර පාසල් ද නැවත දැනුම් දෙනතුරු වසා දැමුණු අතර කැළණිය විශ්වවිද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි අායුර්වේද වෙෙද්‍ය විද්‍යාලය සහ නයිවල උසස් තාක්ෂණ අායතනය ද තාවකාලිකව වසා දැමුණා.
රට තුළින් යළිත් කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමග ඒළැඹෙන 12 වැනිදා අාරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 11 වැනිදා පැවැත්වෙන ශිෂ්‍යයත්ව විභාගය කල් දැමීම පිළිබද මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවා.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර විභාග නැවත දැනුම්දෙන තුරු කල් දැමුණා.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අද අාරම්භ වීමට නියමිතව තිබූ ශාස්ත්‍රවේදී බාහිර උපාධි තුන්වන වසරේ පරීක්ෂණ ද දින නියමයක් නොමැතිව කල් දමා අැති බව නිවේදනය කළා.
මේ අතර මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල සිටින යුද, ගුවන්, නාවික සහ සිවිල් අාරක්ෂක බලකා සේවකයින්ට සේවයට වාර්තා නොකරන ලෙසත්, කදවුර තුළ සිටින සේවකයින්ට පිටතට නොයන ලෙසට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු අාරක්ෂක අංශ නිලධාරීන් අද පමණක් සේවයට නොපැමිණෙන ලෙස උපදෙස් දී තිබුණා.
සියලුම රාජ්‍ය අායතනවල මහජන දිනය අද නොපැවැත්වෙන බව ද රජය නිවේදනය කළා.
පවතින තත්ත්වය හමුවේ මුඛ අාවරණ පැළදීම, දෑත් සේදීම අැතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සියලුම දුම්රිය ස්ථානවල දැඩිව ක්‍රියාත්මක කෙරෙනවා.
ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ, සියලුම බස් රථවල අාසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කරන ලෙසට බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර අැති බවයි.
කොරෝනා වෙෙරසයට අදාළ යම් ලක්ෂණයක් වේ නම් නිවසේ සිට සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර අද දහවල් වනවිට වාර්තා වන සමස්ත කොරෝනා අාසාදිතයින් සංඛ්‍යාව 3471 ක්.
ඒමෙන්ම ඊයේ පස්වරුව වනවිට රෝගීන් සිව්දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3258ක්.