බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයින් 250 ක් පමණ නිරෝධායන කටයුතු වලින් සැගවී සිටින බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා. කෙසේ හෝ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක හෝ රෝහලක මිස මේ මොහොතේ නිවාසවල නොසිටිය යුතු බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.
එමෙන්ම සිය ලිපිනයන් වෙනස් කර මේ මොහොතේ නිරෝධයනයෙන් සැගවි සිටින මෙම පුද්ගලයින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී නිරෝධායනය සදහා යොමු වන ලෙසයි වැඩි දුරටත් ඒ මහතා සදහන් කරන්නේ.