කහ කිලෝ දෙදහස් හතලිස් හතරක ප්‍රමාණයක් ප්‍රවාහනයට සූදානම් කර අැති බවට සහ සගවා අැති බවට නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ප්‍රදේශ කිහිපයකදී සොයාගත්තා.
ඉන් කහ කිලෝ ඒක්දහස් දෙසීය අනූ හතක් සැකකරුවන් තිදෙනෙකු සමග නාවික හමුදාව උඩප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර තවත් කහ කිලෝ හාරසීය තුනක් නාවික හමුදාව ඊයේ සොයාගත්තේ මුන්දලම, සින්නපාඩුව වෙරළට අාසන්නයේ කැලෑවක සගවා තිබියදීයි.
අනෙක් කහ කිලෝ තුන්සිය හතලිස් හතරක තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබියදී පේසාලේ, වන්කාලපාඩු ප්‍රදේශෙය්දී පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබෙනවා.
ඒහිදී වියළි මිරිස්, ලුණු සහ ගොරකා කිලෝ දහසකට අධික තොගයක් ද සොයාගත් අතර ඒ්වා ප්‍රවාහනය කිරීමට යොදාගත්ර ලොරි රථය පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගැනුණා.