මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් තෙල් කාන්දු වීම හේතුවෙන් සිදුවු සමුද්‍ර දුෂණයට අදාළ වන්දි ගණනය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
ඒම අධිකාරිය පැවසුවේ, විශේෂඥ කමිටුවක් මගින් සිදු කරන අදාළ කටයුතු අවසන් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි.
නෞකාවෙන් සිදු වූ සමුද්‍ර දූෂණයට අදාළ වන්දි ලබාගැනීම සඳහා අදාළ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව හරහා නෞකාවේ හිමිකාර සමාගම වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවූ රුපියල් මිලියන 442ක වියදම පසුගියදා නෞකාව හිමි සමාගම විසින් ලබා දී තිබුණා.