News Line| Off Air
Generic placeholder image

Oct
8

අද කාලගුණ තත්ත්වය මෙන්න

738 Views


අද කාලගුණ තත්ත්වය මෙන්න

අද(08) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සදහන් කරයි.

ඇතැම් ප්‍රදේශ වලට මි.මී 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.


News Articles
Latest Videos
Most Popular Post