News Line| Off Air
Generic placeholder image

Oct
12

සෞඛ්‍ය උපදෙස් මත උසස් පෙළ විභාගය අැරඹෙයි

417 Views


සෞඛ්‍ය උපදෙස් මත උසස් පෙළ විභාගය අැරඹෙයි

මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දැඩි සෞඛ්‍ය අාරක්ෂිත උපදෙස් මත මධ්‍යස්ථාන 2648කදී අද අාරම්භ වුණා.

මෙවර උසස් පෙළ විභාගය සදහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා අැති අතර විභාගය අද සිට නොවැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, නිරෝධායන අැදිරි නීතිය පවතින පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසු සිසුවියන්ට පාසල් 12 ක් අතිරේක විභාග මධ්‍යස්ථාන ලෙස නම්කර අැති බවයි.

බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලය, මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලය, කිරිදිවැල මධ්‍යමහා විද්‍යාලය, වැලිවේරිය මද්දුම බණ්ඩාර විද්‍යාලය, දොම්පේ සියනෑ ජාතික පාසල, නිට්ටඹුව බෞද්ධ විද්‍යාලය යන පාසල් ඒම විභාග මධ්‍යස්ථාන අතර වනවා.

ඊට අමතරව කල්ඒළිය සිරි විද්‍යා කීර්ති කනිෂ්ට විද්‍යාලය, කොටුගොඩ රාහුල විද්‍යාලය, දිවුලපිටිය දූනගහ රණසිංහ මහා විද්‍යාලය, මූකලන්ගමුව බණ්ඩාරනායක මහා විද්‍යාලය, දෙහියාගාත හෝලි රෝසරි විද්‍යාලය සහ කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් ද විභාග මධ්‍යස්ථාන ලෙස නම්කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, මුඛ අාවරණ පැළදීම, පුද්ගල දුරස්ථභාවය, දෑත් සේදීම අැතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්යය බවයි.‍

විභාගය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික අැමතුම් අංකයට හෝ 011 2 784 208 සහ 011 2 784 537 යන දුරකතන අංකවලට අැමතීමෙන් දැනුම් දිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post