හිටපු ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අද දෙවැනි දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා මින් පෙර මෙම කොමිසම හමුවේ පෙනී සිටියේ පසුගිය 5 වැනිදායි.
මේ අතර පසුගිය 11 වැනිදා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අදාළ කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණ දෙන නිලධාරී විශ්‍රාමික ජේය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒම්.අාර්. ලතීෆ් මහතා ද තෙවරක් කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.