News Line| Off Air
Generic placeholder image

Oct
12

කොරෝනා ව්‍යාප්තිය සහ දෙෙනික කටයුතු

526 Views


කොරෝනා ව්‍යාප්තිය සහ දෙෙනික කටයුතු

අද පස්වරුව වනවිට කොරෝනා ෙෙවරසය අාසාදනය වූ පුද්ගලයින් ගණන 1346 ක් දක්වා ඉහළ ගියා.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ, මිනුවන්ගොඩ කොරෝනා ෙපාකුරේ තවත් 39 දෙනෙකු වාර්තා වී අැති බවයි.

නිරෝධායන මධ්‍යස්ථානවල 25 දෙනෙකු සහ අැගලුම් කම්හල් ෙස්වකයින්ගේ සමීපතමයින් 14 දෙනෙකු ඒ් අතර වනවා.

මේ අතර සමස්ත ආසාදිතයින් අතරින් වෛද්‍යවරු තිදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී අැතැයි අද උදෑසන හදුනා ගත්තා.

ඔවුන් කෑගල්ල මහරෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරුන් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

රුහුණ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියාට කොරෝනා ආසාදනය වී ඇති බවට අද හදුනා ගත්තා.

මේ හේතුවෙන් එම සිසුවා අැසුරු කළ පුද්ගලයින්ට සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ගැනුණු අතර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කෙරුණා.

මේ අතර කදාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 ෙදෙනෙකුට ද කොරෝනා ෙෙවරසය අාසාදනය වී අැති බව හදුනාගත්තා.

ඒම අායතනෙය් නිලධාරියෙකුෙග් දියණියක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් අායතනයේ සේවයෙහි නිරත වී අැති අතර අදාළ නිලධාරියාට ද ෙෙවරසය අාසාදනය වී අති බව තහවුරු වී තිබෙනවා.

අනතුරුව ඔහු අැසුරු කළ පුද්ගලයින් 12 ෙදෙනෙකු ද පී.සී.අාර්. පරීක්ෂණයකට ලක් කෙරුණා.

ඒම වාර්තාවලට අනුව ඔවුන්ට ද ෙෙවරසය අාසාදනය වී අැති බවයි වාර්තා වන්නේ.

ඒමෙන්ම කටුනායක ගුවන් ෙතාටුපොළේ ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයකුට ද කොරෝනා ෙෙවරසය අාසාදනය වී තිබෙනවා.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර බාහිර අයෙකුෙගන් ෙෙවරසය වැළදී අැති බවටයි මේ වනවිට තහවුරු වී අැත්තේ.

ඒ් අනුව අදාළ පුද්ගලයා සමග ෙස්වය කළ තවත් 50 දෙනෙකු මේ වනවිට පී.සී.අාර්. පරීක්ෂණවලට යොමු කර තිෙබනවා.

අාසාදිතයින් සංඛ්‍යාව ඒසේ ඉහළ යද්දී ෙෙවරසය අාසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව ද 3317 දක්වා ඉහළ ගියා.

ඒ්, අද පස්වරුව වනවිට තවත් අාසාදිතයින් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

මේ අතර පවතින කොරෝනා ෙෙවරස තත්ත්වය හමුවේ මෙවර අධ්‍යාපන ෙපාදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් අාරම්භ වුණා.

ඒ් දැඩි ෙසෟඛ්‍යාරක්ෂිත ක්‍රමෙව්ද යටතේයි.

මධ්‍යස්ථාන 2648කදී මෙවර උසස් පෙළ විභාගයට ෙපනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 362,824ක්

නිරෝධායන අැදිරි නීතිය පවතින ෙපාලිස්බල ප්‍රදේශවල උසස් ෙපළ විභාගය සදහා ෙපනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් 12ක් අතිරේක විභාග මධ්‍යස්ථාන ෙලස නම්කර තිෙබනවා.

බුළුගහගොඩ ශ්‍රී විජය මහා විද්‍යාලය, මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලය, කිරිදිවැල මධ්‍ය මහා විද්‍යාලය, වැලිවේරිය මද්දුම බණ්ඩාර විද්‍යාලය, දොම්පේ සියනෑ ජාතික පාසල, නිට්ටඹුව ෙබෟද්ධ විද්‍යාලය, කල්ඒළිය සිරි විද්‍යා කීර්ති කනිෂ්ට විද්‍යාලය, කොටුෙගාඩ රාහුල විද්‍යාලය, දිවුලපිටිය දූනගම රණසිංහ මහා විද්‍යාලය, මූකලන්ගමුව බණ්ඩාරනායක මහා විද්‍යාලය, ෙදහියාගාත හෝලි ෙරා්සරි විද්‍යාලය, සහ කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය ඒම විභාග මධ්‍යස්ථාන අතර වනවා.

විභාග දෙපාර්තමේන්තුව පවසන්ෙන්, විභාගය පවතින කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රවාහනය කිරීමේදි සෞඛ්‍ය බලධාරීන්, ප්‍රවාහන බලධාරීන් සමග සම්බන්ධ ෙවමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන අැති බවයි.

විභාග මධ්‍යස්ථානවල විෂබීජ හරණ කටයුතු, මුඛ අාවරණ පැළදීම, දෑත් සේදීම, පුද්ගල දුරස්ථ භාවය රදවා ගැනීම අැතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෙව්ද අනුගමනය කිරීම අනිවාර්ය බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඒෙමන්ම නිරෝධායන අැදිරි නීතිය බලපැවැත්ෙවන ප්‍රදේශවල සිසු සිසුවියන්ට විභාග ප්‍රවේශපත්‍රය අැදිරි නීති බලපත්‍රය ෙලස භාවිත කළ හැකි බව නිෝජ්‍ය ෙපාලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කම්කරු ෙදපාර්තෙම්න්තුව පවසන්ෙන්, පවතින ෙකාරෝනා ෙෙවරස තත්ත්වය හමුවේ ඒම දෙපාර්තෙම්න්තුෙව් මහජන ෙස්වාවන්වලට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විදිවිදාන ෙයාදා අැති බවයි.

ඒ් අනුව ෙස්වාවාන් ලබාගැනීම සදහා නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය ෙවත පැමිණීමේ අවශ්‍යතාවක් ෙනාමැති බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ෙපන්වා ෙදන්ෙන්.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ඔසුසැල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින මධ්‍යස්ථාන හෙට සිට බ්‍රහස්පතින්දා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට සහ දිවුලපිටිය, ජාඇල, කඳාන, සීදුව යන පොලිස් බල ප්‍රදේශවලට මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති අතර එය යළි දැනුම්දෙන තුරු ක්‍රියාත්මකයි.

එම ප්‍රදේශවල ජනතාවට භාණ්ඩ මිල දී ගැනීම සඳහා උදෑසන සිට රාත්‍රී 8 දක්වා සතොස, ඖෂධ සැල්, සුපිරි වෙළෙඳසැල්, මත්ස්‍ය අලෙවිසැල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළෙඳ සැල් විවෘත කිරීමට අවසර දී තිබුණා.

මේ අතර රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුෙවන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ෙගන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ෙගන තිබෙනවා.

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් දින 14ක කාලයක් අනිවාර්ය නිරෝධායනයට ලක්විය යුතු වනවා.

කෙසේවෙතත් මෙරටට පැමිණීමට නියමිතව තිබු ගුවන් යානා රැසක කාල සටහන් ඉදිරියේ දී සංශෝධනය කර විදෙස් රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ෙල්කම්වරයා පවසන්ෙන්‍.


News Articles
Latest Videos
Most Popular Post