දකුණු කොරියාවේ සති දෙකක පමණ කාලයක සිට පහත වැටෙමින් තිබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ සිට යළි ඉහළ යමින් අැතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඊයේ දිනය තුළ නව කොරෝනා අාසාදිතයින් 106 දෙනෙකු වාර්තා වූ බවයි.
ඒරටින් සියය ඉක්ම වූ අාසාදිතයින් ප්‍රමාණයක් මෙලෙස වාර්තා වන්නේ දින 6කට පසුව වීම විශේෂත්වයක්.
පසුගිය සති දෙකක පමණ සිට කොරෝනා රෝගීන් වාර්තා වීමේ අඩුවක් පැවැතීම හේතුවෙන් නිරෝධායන සීමාවන් ක්‍රමයෙන් අඩු කිරීමට ඒරට රජය පියවර ගෙන තිබුණා.
ඒවැනි පසුබිමක යළිත් කොරෝනා අාසාදිතයින් ඉහළ යාමේ අවදානමක් මතුව අැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.