News Line| Off Air
Generic placeholder image

Oct
13

සුනාමි අනතුරු අැගවීමක් පිළිබද සංසරණය වන නිවේදනයක් නිසා මුහුදු අාශ්‍රිත ප්‍රදේශවල ජනතාව කැළෙඹයි – එවැනි කිසිදු අවදානමක් නොමැති බව අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

763 Views


සුනාමි අනතුරු අැගවීමක් පිළිබද සංසරණය වන නිවේදනයක් නිසා මුහුදු අාශ්‍රිත ප්‍රදේශවල ජනතාව කැළෙඹයි –  එවැනි කිසිදු අවදානමක් නොමැති බව අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

ඉන්දියානු සාගරය තුළ හටගත් බව පැවසෙන භූචලනයක් පිළිබද තොරතුරු අැතුළත් නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සම මුහුදු ප්‍රදේශ අාශ්‍රිත ජනතාව නොසන්සුන් වී අැතැයි වාර්තා වනවා.

නමුත් එවැනි කිසිදු භූ චලනයක් සිදුව ෙනාමැති බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාළ නිවේදනය අසත්‍යයක්  බවත් සියත කළ විමසීමකදී අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ, අදට යෙදී අැති ජාත්‍යන්තර සුනාමි පුහුණු දිනය නිමිත්තෙන් ඉන්දියානු සාගරය කේන්ද්‍ර කරගනිමින් කළ සිතියම්ගත මේස පුහුණු වීමක් (Table Top Exercise) අතුරතුර ඊට සහභාගී වූ කිසියම් පුද්ගලයෙකු කළ අසත්‍ය ප්‍රචාරයක් මෙවැනි කැළඹීමකට හේතු වී අැති බවයි.

එම අසත්‍ය පුවත ප්‍රචාරය කළ පුද්ගලයා සොයා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

දිවයිනට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවත්, එවැනි භූ චලනයක් සිදුව නොමැති බවත්, එ් සම්බන්ධයෙන් අනියත බියක් අැති කර නොගත යුතු බවත් අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post