News Line| Off Air
Generic placeholder image

Oct
14

විභාගයේදී වංචා කළ උසස් පෙළ සිසුන් දෙදෙනෙක් ගැන විමර්ශන

379 Views


විභාගයේදී වංචා කළ උසස් පෙළ සිසුන් දෙදෙනෙක් ගැන විමර්ශන

ඊයේ පැවැති උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම සදහා ස්මාර්ට් වර්ගයේ ඔරලෝසුවක් උපෙයා්ගී කරගත් ගම්පහ ප්‍රදේශයේ පාසලක සිසුවෙකුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

අදාළ සිසුවා ජීව විද්‍යා පුනරීක්ෂණ, පී.ඩී.එෆ්. ලෙස සකසා අදාළ ඔරලෝසුවට අැතුළත් කර විභාග මධ්‍යස්ථානයට රැගෙනවිත් තිබුණා.

විභාගය අතරතුර එය පරීක්ෂා කරමින් සිටි සිසුවා දුටු පරීක්ෂකවරයෙක් එ් පිළිබද ශාලාධිපතිවරයා පැමිණිලි කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, ඔහු විභාගයට පෙනී සිටින බැවින් අත්අඩංගුවට නොගෙන ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මුදා හැර, එ් පිළිබද පුළුල් විමර්ශනයක් අැරඹූ බවයි.

එමෙන්ම පෙරේදා පැවති අාර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සිය ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කර බාහිර පාර්ශවයකට යොමු කර තිබූ බොරැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු  පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අාරම්භ කර තිබෙනවා.

අදාළ සිසුවා ඡායාරූප ගන්නා අාකාරය දුටු විභාග පරීක්ෂකවරයා ජංගම දුරකතනය රැගෙන පරීක්ෂා කිරීමේදී දැක අැත්තේ අාර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු ජංගම දුරකතනයට ලැබෙමින් තිබූ අාකාරයයි.

පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් සිසුවාගෙන් ප්‍රකාශයක් ලබාගෙන පරීක්ෂණයක් අාරම්භකර අැති  බවයි.


News Articles
Latest Videos
Most Popular Post