දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ කරන ලද pcr පරීක්ෂණයකට අනුවයි. අදාල සිසුවාගේ පවුලේ අයෙකු මිට පෙර කොරෝනා අසදිතයෙකු ලෙස හදුනා ගෙන තිබුණු අතර මේ වන විට ඔහු ඉරණවිල රෝහලට ඇතුලත් කර තිබෙන බවත් එහි ස්ථාපිත විභාග මධ්‍යස්ථානයේදී එම සිසුවාට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී තිබෙන බවයි සදහන් වන්නේ.
ඔහු සමග විභාගයට පෙනීසිටි සිසුන් වෙනම කණ්ඩායම් වශයෙන් බෙදා විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා තිබෙනවා.