News Line| Off Air
Generic placeholder image

Oct
14

15 හැවිරිදි සිසුවා සමග පැන ගිය ගුරුවරිය නුවරඑළියේ දී කොටු වෙයි

5337 Views


15 හැවිරිදි සිසුවා සමග පැන ගිය ගුරුවරිය නුවරඑළියේ දී කොටු වෙයි

ඉකුත් දා අතුරුදන් වූ 15 හැවිරිදි සිසුවා සහ පැනගිය බවට සැක කෙරු 28 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරිය නුවරඑළියේ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 15 හැවිරිදි සිසුවාගේ ජංගම දුරකතනයට අදාල GPS තාක්ෂණය ඔස්සේ තොරතුරු සොයා ගැනීමෙන්ය .

පසුගියදා 15 හැවිරිදි සිසුවාගේ දෙමවිපියන් පොලීසියට පැමිණිලි කරන ලද්දේ අසල්වාසී නිවසක ටියුෂන් පන්තියකට යැවූ තම දරුවා එක්වරම අතුරුදන් වූ බවයි. පැන ගිය බවට සැක කෙරු අදාල සිසුවා සහ එම ගුරුවරිය සොයා පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කල අතර දින 07කට ඔවුන් මෙලෙස නුවරඑළියේ දී සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

එක්දරු මවක වූ එම උපකාරක පන්ති ගුරුවරිය මෙලෙස මෙම දරුවා සමග ප්‍රේම සම්බන්දයක් තිබු බවට තහවුරු වී ඇත්තේ ගුරුවරිය සහ මෙම දරුවා අතර ජංගම දුරකථනයෙන් හුවමාරු වූ කෙටි පණිවිඩ වලින් බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post