පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලිස් කණ්ඩායම්වලට හැකි වී නැතැයි වාර්තා වනවා.
ඔහුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිස් කණ්ඩායම් 6 ක් ඔහුගේ කොළඹ, මන්නාරම සහ පුත්තලම යන ප්‍රදේශවල පිහිටි නිවෙස් වෙත පිටත් කර හැරියේ ඊයේ පස්වරුවේයි.
එම කණ්ඩායම් ප්‍රථමයෙන් කොළඹ පිහිටි නිවස පරීක්ෂා කර අැති අතර රිෂාඩ් මන්ත්‍රීවරයා එහි නොසිටීම හේතුවෙන් මන්නාරම සහ පුත්තලම ප්‍රදේශවල පිහිටි නිවෙස් පරීක්ෂා කර තිබුණා.
එම නිවාසවල ද මන්ත්‍රීවරයා නොසිටි බැවින් පොලිස් කණ්ඩායම්වලට මෙතෙක් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.
2019 ජනාධිපතිවරණයේදී මැතිරණ නීති උල්ලංඝණය කිරීම සහ රජයේ මුදල් අවභාවිතා කිරීම යන චෝදනාවලට අදාළව මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර තිබුණේ, ඊයේ දිනයේදීයි.
වරෙන්තුවක් නිතුක් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පෙන්වා දුන්නේ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.
එ් අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම සදහා කණ්ඩායම් 6 ක් පත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා.