News Line| Off Air
Generic placeholder image

Oct
14

කොළඹින් කොරෝනා අාසාදිතයින් 160ක්

423 Views


කොළඹින් කොරෝනා අාසාදිතයින් 160ක්

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිත කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් ඇතුළු කොරෝනා ආසාදිතයන් එකසිය හැටදෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, ඔවුන්ගේ ආශ්‍රිතයන් සහ එම පුද්ගලයින් ගැවසුණ ස්ථාන මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.

මෙම පොකුර ව්‍යාප්තිය පාලනය කරගත හැකි මට්ටමක පවතින නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුළ අධික ජනගහනය, කුඩා ඉඩක විශාල පිරිසක් රැඳීම, නාගරික පරිසරය යන කරුණු නිසා අවදානමක් අැති බව ද ඔහු අවධාරණය කළා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් තවදුරටත් හමු වුවහොත් පැතිරීමේ අවදානම වැඩි බව පෙන්වා දෙන වෙෙද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, ඉදිරියේදී අැතිවන එවැනි තත්ත්වයකදී දුෂ්කර තත්වයක් මතුවිය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post