News Line| Off Air
Generic placeholder image

Oct
15

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි – අැතැම් මුහුදු ප්‍රදේශත් රළු වෙයි

261 Views


අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි – අැතැම් මුහුදු ප්‍රදේශත් රළු වෙයි

අදත් දවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි අැතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එ් අනුව බස්නාහිරසහ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්ම වූ වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද මද වශයෙන් වැසි අැතිවිය හැකියි.

උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට තද සුළං ඇති වීමේ හැකියාවක් පවතිනවා.

මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශත් මුලතිව් හා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශත් විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post