පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේදි යතුරුපැදි දෙකක් පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ හා පොලිස් ජීප් රථයක ගැටී අනතුරක් සිදුවුණා.
ඒ, අදාළ යතුරුපැදිකරුවන් දෙදෙනාට යතුරුපැදිය නවතන ලෙස කළ අණ නොතකා ඔවුන් ස්ථානාධිපතිවරයාව ද අනතුරට ලක්කර පළා යාමට ගත් උත්සාහයේදීයි.
යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකු අධික වේගයෙන් සහ අපරික්‍ෂාකාරී ලෙස ධාවන සංදර්ශනයක නිරත වන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුව කි‍්‍රයාත්මක වූ පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් එහි ධාවනය වෙමින් තිබූ යතුරුපැදි දෙකක් නතර කරන ලෙසට අණ කර තිබෙනවා.
එහිදී යතුරු පැදිකරුවන් දෙදෙනා සිය යතුරුපැදිවල විදුලි පහන් නිවා, පොලිස් නිලධාරීන් ද අනතුරට පත්කර පළා යාමට උත්සාහ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
එක් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේ රාජකාරී කළ පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාව අනතුරට පත්කර තිබෙනවා.
අනෙක් යතුරුපැදිකරු අසල තිබූ පොලිස් ජීප් රථයේ ගැටී ඔහු ද තුවාල ලබා තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ පානදුර උතුර පොලිස් ස්ථාධිපතිවරයා සහ යතුරුපැදිකරුවන් දෙදෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
පොලිසිය පැවසුවේ, වැඩිදුර ප‍්‍රතිකාර සදහා ඔවුන් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණු බවයි.