නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට දඩුවම් පැමිණවීමට අදාළ නිරෝධායන නීති අැතුළත් නව ගැසට් පත්‍රය ඊයේ රාත්‍රී නිකුත් කෙරුණා.
එ් අනුව නිරෝධායන නීති උල්ලංඝණය කරන පුද්ගලයින්ට රුපියල් දසදහසකට නොවැඩි දඩයක්, මාස 6ක සිර දඩුවමක් යන දෙකම හෝ ඉන් එකකට යටත් වියයුතු වනවා.
අදාළ ගැසට් පත්‍රයේ ව්‍යාපාරික සහ සේවා ස්ථානවලට අැතුළු වීම මෙන්ම පවත්වාගෙන යාම පිළීබදවත් කරුණු අැතුළත්කර තිබෙනවා.
එ් අනුව ව්‍යාපාරික ස්ථානවලට හා සේවා ස්ථානවලට අැතුළුවන සැම තැනැත්තෙකුම මුඛ අාවරණ පැළදීම, මීටරයකට නොඅඩු දුරස්ථභාවය පවත්වාගැනීම සිදු කළ යුතු අතර එම ස්ථානවලට අැතුළු වීමට පෙර ශරීර උෂ්ණත්වය මැන බැලීම ද අත්‍යාවශ්‍ය වනවා.
එමෙන්ම දෑත් සේදීම හා ඊට අවශ්‍ය විෂබීජ නාශක සැපයීම ද එම ගැසට් නිවේදනය මගින් අනිවාර්යකර තිබෙනවා.
එම ගැසට් නිවේදනය පහතින් :



